Posts

සිතුවිලී -මගේ චූටි දූ කුමාරියො...

Image
මගේ චූටි දූ කුමාරියො... සිගිති මුව අයා නිති සිනහවෙන් සරසවන නෙතු පියන් දල්වාන සිනා කැන් වගුරුවන සිගිති අත් පා වලින්  නොයෙක් දග කම්  පාන මගෙ ලොවේ හිරු සදු ඔබයි දිනෙන්  දින මා පුබුදුවාලන.. 2019/12/27 Dulee

තනි තරුව නුඹ...

Image

ශාස්ත්‍රවේදී උපාධිය

Image
මේ කියන්න යන්නෙ මගේ උපාධිය ගැන,ශාස්ත්‍රවේදී උපාධිය උපාධිය මගේ අම්ම මං ගැන දැක්ක තවත් සිහිනයක් . එය හැබෑ කරන්න මට පුලුවන් උනා.අපේ අම්ම වත් තාත්තාවත් උපාධි කාරයො නෙවේ,ඉතින් උපාදියක් නැති මව්පියන්ගෙ දරුවන්ටත් උපාධිධාරියො වෙන්න පුලුවන් 2007 අවුරුද්දෙ උසස් පෙල ප්‍රතිපල පිට උන දවසෙ මං හිතුවෙ මගේ උපාධි සිහිනය එහෙම් පිටින්ම විනාශ වෙලා ගිය කියලා.එත් අද මම් උපාධිදාරිනියක්...ආඩම්බර වෙන මොකුත් නිසා නෙවේ,තනියෙන්ම මහන්සි වෙලා, පාඩම් කරල ,කරුනු අවබෝධ කරගෙන මහන්සියෙන් ගොඩ දාගත්තු උපාධියක් නිසා.. මුලින්ම බාහිර උපාදිය කරන්න කියල මගේ ඔලුවට දැම්මෙ අම්ම...මොකද අපේ අම්ම බාහිර උපාදිය කරන්න පටන්  ගෙන තිබුනට එයා එක අවසාන කරල තිබ්බෙ නෑ.අම්මගෙ අවසානයක් නොදකපු ඒ සිහිනයෙ අවසානය මම් සම්පූර්න කරගන්නව බලන්නයි අම්මට ඕනි උනේ. මාත් මුලින් පන්ති එහෙම ගිහින් වැඩේ පටන් ගත්තට මොකද ඒවගේ කරන්නෙ සිලබස් එකෙත් නැති බොරු ටිකක්, විශ්වවිද්යාල කතිකාචාර්යවරු කියාගන්න පිරිසක් විසින් ළමයි ගොනාට ඇන්දීමක් බව මට වැඩි කල් නොගිහින් ම තේරුනා.ඒ අතරෙ මතක් කරන්න ඕනි මහනුවර නවෝදය බාහිර උපාදි ආයතනය..එහේ විතරයි පිලිවෙලකට ඉදගෙන ඉගෙන ගන්න පු...

නොකියන කථාව

Image
නොකියන කථාව (නැන්දම්මාගේ වර්ණනාව) නිවාඩුවට  ගෙදර ගියේ ඇයි අම්මේ විස්සෝපෙන් කවදාවත් නැතුව අනේ මූණත් එල්ලන් ඉන්නේ..                                                අනේ පුතේ කවදාවත් කිසිම කෙනෙක් මේ වෙනතුරු මගෙත් එක්ක නුබේ වැරදි කවදාවත් කියලා නෑ. අවුරුදු දහ තුනක් තිස්සෙ හිටපු පන්ති එකකින් වත් නුබේ දොසක් ගැන කවදත් ගුරුතුමියක් කිවේ නෑ... මලක් වගෙයි නුඹ හැදුවේ ඉල්ලූ හැම සැප දුන්නේ කගෙන් වත් කවදාවත් නරක අහන රිසින් නොවේ... ගේ දොර හැම හැඩි වෙලාලු මසකින් අතු ගාලා නැතිලු.. මකුලු දැල්ලු හැම තැනකම වලදක් අල්ලන්න බෑලු.... ගෙයි තුනපහ මදි වෙලාලු කොන්ඩ කෑලි හැමතැනමලු කිලුටු ඇදුම් ගේ මුල්ලෙලු ඇන්දට සුපිරියට මදිලු... වැඩ ඇරිලා හැමදාමත් නුබ කලියෙන් ගෙදර ඇවිත් පැය ගානක් නිදියනවලු හැම දේටම වරද නුඹෙලු.. මගෙ ආදර නැන්දම්මගෙ මන් ගැන ගුණ වර්ණනාව අපෙ අම්මගේ දෑසින් ගිය කදුලු වලින් දුටුවා... නැන්දම්මේ කවදාහරි නුබටත් හිටියනම් දුවක්.. කවදාවත් මේ විදියට කියන්නේ...

පළවෙනි නිසදැස

 පළවෙනි නිසදැස සිතුවිලි  කියන්නෙ වචන වෙච්චි  හැගීම් වලට කියලයි මට නම් හිතෙන්නෙ..සමහර හැගීම් කියාගන්න වචන මදි වෙන වෙලාවලුත් තියෙනවනේ.මේ කියන්න යන්නෙ මගේ පළවෙනි නිසදැස ගැන.. කවි ලියන්න මාව පෙළබුවෙ කවුද කියන්න නම් හරියටම මන් දන්නෙ නෑ.එත් ලොකු තාත්තා අපේ සීයගේ මළගම වෙනුවෙන් පත්තරේට දාපු කවියක් දැකලා තමයි මටත් කවද හරි පත්තරේකට කවියක් යවන්න ඇත්නම් කියල හිතුනෙ.එදා ඉදන් මම් පත්තරවල යන කවි පිටුව ආසාවෙන් කියෙව්වා.නිවාඩු කාලෙට පුන්චි ආච්චිලගේ ගෙදර ගියාම තමයි ගොඩක් කවි කියවන්න ලැබුනෙ.එහේ  සති අන්තෙ හැම පත්තරයක් ම වගේ ගන්න නිසා. ඉතින් ඔන්න ඔහොම කවි ,නිසදැස් කියවලා මාත්  නිසදැසක් ලිව්වයි කියමුකො..දන් ඉතින් මේක පත්තරේකට දා ගන්නකම් මට නින්දක් නෑ.මගේ යලුවො ඒදවස්වල කියනවා" පත්තර වලට යවන හැම කවියක්ම පත්තරේ පළ කරන්නෙත් නෑලු, එව අයෙත් තොරනවාලු,හොදම ඒවලු දාන්නෙ.."මාත් ඉතින් ‍රිවිර පත්තරේ අරුණැල්ලට මගේ  නිසදැස යැව්වා..පත්තරේ ඒක පළවුනු දිනය නම් මතක නෑ.හැබැයි මන් පත්තරෙත් උස්සන් ගේ වටේ දිව්ව හැටි නම් මතකයි පස්වනක් ප්‍රීතියෙන්.එදා කොහොමහරි අපේ කට්ටිය කිරි දානෙකට සැරසෙනවා..ව...

මා නොවන මම

Image
මා නොවන මම දිගැස්සී ඇය සිනාසෙයි සැවොම දෙස බල බලා කටකාර, දගකාර දියණියයි, මිතුරියයි කෙලිකවට කම් වලින්  සැමගෙ සිත් සනහනා... පාවෙනා පුලුන් රොදකි, සැහල්ලුයි ජීවිතේ නෑ කිසිත් දොම්නසක් ඈ වටා සොයාගනු නොහැක ඇය    ගෙවීගිය අතීතේ පාලු මාවතක ඈ  සැගවිලා.... වත්මනේ දිවිමගේ යකඩ ගැහනියකි ඈ නේක දුක් ගැහටකම් ඉවසනා ජීවිතය ජයගන්න වෙහෙසෙනා.. අනාගතය අභිමුවේ සොයා යයි තනිව මග අතීතෙ සැගව ගිය ඈ සොයා.... 2016 dulee

මවකගෙ කදුලු

මවකගෙ කදුලු දහසක් පැතුම් පොදි මා හද පුරවාලා පතිනි දෙවිදු දුන් වරමින් නුඔ මා කුස ආදා.... සත්තයි පුතුනි මා රැජිනක් ලෙස හැගුනා... නුබේ පියා අපේ ලොවේ රජ වූවා.. දින සති ගෙවී මාසත් හෙමිහිට ගෙවුනා නොසිතූ විරූ ලෙස පැතුමන් බිද වැටුනා වාවනු බැරුව නෙත ඉකිගසමින් හැඩුවා සත්තයි පුතුනි අපි හරි අසරණ වූවා... පැතුමක් නොමැති හදකට පැතුමක් වෙන්න.. මේ අන්දකාරයෙන් අප දිවි ගලවන්න... මෙවන් විපත් යලි කිසි දින නොම වෙන්න සිගිති සිනා ගෙන යලි මගෙ තුරුලට එන්න.....  2016 dulee