පළවෙනි නිසදැස
පළවෙනි නිසදැස
සිතුවිලි කියන්නෙ වචන වෙච්චි හැගීම් වලට කියලයි මට නම් හිතෙන්නෙ..සමහර හැගීම් කියාගන්න වචන මදි වෙන වෙලාවලුත් තියෙනවනේ.මේ කියන්න යන්නෙ මගේ පළවෙනි නිසදැස ගැන..
කවි ලියන්න මාව පෙළබුවෙ කවුද කියන්න නම් හරියටම මන් දන්නෙ නෑ.එත් ලොකු තාත්තා අපේ සීයගේ මළගම වෙනුවෙන් පත්තරේට දාපු කවියක් දැකලා තමයි මටත් කවද හරි පත්තරේකට කවියක් යවන්න ඇත්නම් කියල හිතුනෙ.එදා ඉදන් මම් පත්තරවල යන කවි පිටුව ආසාවෙන් කියෙව්වා.නිවාඩු කාලෙට පුන්චි ආච්චිලගේ ගෙදර ගියාම තමයි ගොඩක් කවි කියවන්න ලැබුනෙ.එහේ සති අන්තෙ හැම පත්තරයක් ම වගේ ගන්න නිසා.
ඉතින් ඔන්න ඔහොම කවි ,නිසදැස් කියවලා මාත් නිසදැසක් ලිව්වයි කියමුකො..දන් ඉතින් මේක පත්තරේකට දා ගන්නකම් මට නින්දක් නෑ.මගේ යලුවො ඒදවස්වල කියනවා" පත්තර වලට යවන හැම කවියක්ම පත්තරේ පළ කරන්නෙත් නෑලු, එව අයෙත් තොරනවාලු,හොදම ඒවලු දාන්නෙ.."මාත් ඉතින් රිවිර පත්තරේ අරුණැල්ලට මගේ නිසදැස යැව්වා..පත්තරේ ඒක පළවුනු දිනය නම් මතක නෑ.හැබැයි මන් පත්තරෙත් උස්සන් ගේ වටේ දිව්ව හැටි නම් මතකයි පස්වනක් ප්‍රීතියෙන්.එදා කොහොමහරි අපේ කට්ටිය කිරි දානෙකට සැරසෙනවා..වටේ පිටේ ගොඩ දෙනෙකුත් අපේ දිහා හිටියෙ...පත්තරේ කාගෙ කාගෙත් අත් වල මාරු උනා මගේ නිසදැස බලන්න.
මගේ පළවෙනි නිසදැස ලියවුනේ "නුඹ" ගැන.මේ "නුඹ" ඇතුලෙ මට එදිනෙදා ජීවිතේදි හමුවෙච්ච හැමෝම ගැන අඩු වැඩි වශයෙන් ලියවුනා...අවාසනාවකට ඒ නිසදැස අද මම් ලග නෑ.
ඒත් ඒකෙ අවසාන පදය තවමත් මතකයි. ඒක ලියවිලා තිබ්බෙ" සැබවින්ම කවුද නුඹ නොහැක වටහා ගනූ..."කියලා..
ඒ පදය නම් අදටත් අදාලයි.
මේ වෙලාවෙ උසස් බාලිකාවෙ 9 වසරෙදි අපිට සින්හල උගන්වපු ශාන්තිනී ගුරුතුමියවත් ආදරෙන් මතක් කරනවා.මොකද එතුමිය තමයි මම් ඉස්කෝලෙදි වැස්ස ගැන ලියපු නිසදැස පන්තියටම ඇහෙන්න කියවලා මට තවත් කවි ලියන්න පුලුවන් කියන හැගීම ඇති කලේ....
2016 dulee
Comments
Post a Comment