ශාස්ත්‍රවේදී උපාධිය


මේ කියන්න යන්නෙ මගේ උපාධිය ගැන,ශාස්ත්‍රවේදී උපාධිය

උපාධිය මගේ අම්ම මං ගැන දැක්ක තවත් සිහිනයක් .

එය හැබෑ කරන්න මට පුලුවන් උනා.අපේ අම්ම වත් තාත්තාවත් උපාධි කාරයො නෙවේ,ඉතින් උපාදියක් නැති මව්පියන්ගෙ දරුවන්ටත් උපාධිධාරියො වෙන්න පුලුවන් 2007 අවුරුද්දෙ උසස් පෙල ප්‍රතිපල පිට උන දවසෙ මං හිතුවෙ මගේ උපාධි සිහිනය එහෙම් පිටින්ම විනාශ වෙලා ගිය කියලා.එත් අද මම් උපාධිදාරිනියක්...ආඩම්බර වෙන මොකුත් නිසා නෙවේ,තනියෙන්ම මහන්සි වෙලා, පාඩම් කරල ,කරුනු අවබෝධ කරගෙන මහන්සියෙන් ගොඩ දාගත්තු උපාධියක් නිසා..

මුලින්ම බාහිර උපාදිය කරන්න කියල මගේ ඔලුවට දැම්මෙ අම්ම...මොකද අපේ අම්ම බාහිර උපාදිය කරන්න පටන්  ගෙන තිබුනට එයා එක අවසාන කරල තිබ්බෙ නෑ.අම්මගෙ අවසානයක් නොදකපු ඒ සිහිනයෙ අවසානය මම් සම්පූර්න කරගන්නව බලන්නයි අම්මට ඕනි උනේ.
මාත් මුලින් පන්ති එහෙම ගිහින් වැඩේ පටන් ගත්තට මොකද ඒවගේ කරන්නෙ සිලබස් එකෙත් නැති බොරු ටිකක්, විශ්වවිද්යාල කතිකාචාර්යවරු කියාගන්න පිරිසක් විසින් ළමයි ගොනාට ඇන්දීමක් බව මට වැඩි කල් නොගිහින් ම තේරුනා.ඒ අතරෙ මතක් කරන්න ඕනි මහනුවර නවෝදය බාහිර උපාදි ආයතනය..එහේ විතරයි පිලිවෙලකට ඉදගෙන ඉගෙන ගන්න පුලුවන් පරිසරයක් තිබ්බ එකම පන්තිය..මම ගියපු එව්වා අතරින් අනික් ඒවා ගැන නම් කියල වැඩක් නැ. හරියට හොරන් පවත්වගෙන යන තැන් වගේ..පොඩි පොඩි කාමර කොටු කරල,
උපාධියක් කරන්න පන්ති යන්නම ඕනි නෑ,කියල මං හිතාගත්තෙ එතකොටත් පන්ති නොගිහින් නෝට්ස් පාඩම් කරල එxඅඈම් ගොඩ දාගත්තු  දෙතුන් දෙනෙක් ගැන මට අහන්න ලැබිල තිබ්බ.අනික් හේතුව වැඩට යන අතරෙ ගෙදර ඉන්න ලැබෙන සෙනසුරාද ඉරිදත් නැති කරගන්න කම්මැලි කමකුත් තිබ්බ..අනික පන්ති ගැන විශ්වාසයකට වඩා කලකිරීමක් තිබ්බ නිසා තනියෙම එxඅඈම් ගොඩ දාගන්න තීරනය කලා.
මේකෙදිත් මුලින් කිව වගේ නෝට්ස් සොයා ගැනීමේ දි මූලිකත්වය ගත්තෙ අපේ අම්ම..එයාගෙන් මෙයාගෙන් අහගෙන නෝට්ස් තියෙන අය හොයන් , එයලගෙ ගෙවල් ඔෆිස් තියෙන තැන් කිවම එ තැන් වලට ගිහින් දැම්මෙ අපේ තාත්තා..තව  හොයාගන්න බැරි උන කොටස් කඩවත කෙනෙක් ගෙවල්වලට එව්ව.. බෑන්ක් එකට සල්ලි දැම්මම.මතක හැටියට 3500/- වගෙ එක විශයකට.හැබැඉ පලවෙනි වසරෙ නෝට් දෙවෙනි වසර, ඔක්කොම කවලන් කරලයි එවන්නෙ.මේක කියවන කෙනෙක් ඉන්නවනම් එ විදියට නෝට්ස් ගෙන්න ගන්න එපා කියලයි කියන්න ඕනි.

ඔන්න ඉතින් ඔය විදියට  පලවෙනි අවුරුද්ද,දෙවෙනි අවුරුද්ද සහ අවසානයේ තුන්වෙනි අවුරුද්දෙත් විභාග ටික එකක් වත් රිපීට් නොවී ගොඩ දාගත්තා. මේකත් නොකියම බැ.තරන්ගා අක්කා,උමා අක්කා,මදාර අක්කා කට්ටිය තම මට නෝට්ස් දෙන්න ඉදිරිපත් උනේ.පොඩි කාලෙ ඉදන් මගෙ යාලු නෙලුමුත් උදව් කරා.ඒ අතරෙ නෝට්ස් දෙන්න බෑ කියන්න බැරි කමට එක කොලෙ දෙක දීපු කට්ටියත් හිටියා...කොහොම හරි..................
දැන් මං කැලණිය විශ්ව විද්යාලයෙ කලා උපාධිදාරිනියක්

ජීවිතෙ අපිට ලැබෙන්න තියන දේ කොහොමහරි ලැබෙනවාමයි.හැබයි ඉවසීමෙන් ජයගන්න ඕනි...

Comments

Popular posts from this blog

පළවෙනි නිසදැස