මවකගෙ කදුලු



මවකගෙ කදුලු


දහසක් පැතුම් පොදි
මා හද පුරවාලා
පතිනි දෙවිදු දුන් වරමින්
නුඔ මා කුස ආදා....
සත්තයි පුතුනි
මා රැජිනක් ලෙස හැගුනා...
නුබේ පියා අපේ ලොවේ රජ වූවා..
දින සති ගෙවී මාසත් හෙමිහිට ගෙවුනා
නොසිතූ විරූ ලෙස පැතුමන්
බිද වැටුනා
වාවනු බැරුව නෙත ඉකිගසමින් හැඩුවා
සත්තයි පුතුනි
අපි හරි අසරණ වූවා...
පැතුමක් නොමැති හදකට පැතුමක් වෙන්න..
මේ අන්දකාරයෙන් අප දිවි ගලවන්න...
මෙවන් විපත් යලි කිසි දින නොම වෙන්න
සිගිති සිනා ගෙන යලි මගෙ තුරුලට එන්න.....


 2016 dulee

Comments

Popular posts from this blog

ශාස්ත්‍රවේදී උපාධිය

පළවෙනි නිසදැස