නොකියන කථාව

නොකියන කථාව(නැන්දම්මාගේ වර්ණනාව)



නිවාඩුවට  ගෙදර ගියේ
ඇයි අම්මේ විස්සෝපෙන්
කවදාවත් නැතුව අනේ
මූණත් එල්ලන් ඉන්නේ..                                               
අනේ පුතේ කවදාවත්
කිසිම කෙනෙක් මේ වෙනතුරු
මගෙත් එක්ක නුබේ වැරදි කවදාවත් කියලා නෑ.
අවුරුදු දහ තුනක් තිස්සෙ හිටපු පන්ති එකකින් වත්
නුබේ දොසක් ගැන කවදත්
ගුරුතුමියක් කිවේ නෑ...
මලක් වගෙයි නුඹ හැදුවේ
ඉල්ලූ හැම සැප දුන්නේ
කගෙන් වත් කවදාවත් නරක අහන රිසින් නොවේ...
ගේ දොර හැම හැඩි වෙලාලු
මසකින් අතු ගාලා නැතිලු..
මකුලු දැල්ලු හැම තැනකම
වලදක් අල්ලන්න බෑලු....
ගෙයි තුනපහ මදි වෙලාලු
කොන්ඩ කෑලි හැමතැනමලු
කිලුටු ඇදුම් ගේ මුල්ලෙලු
ඇන්දට සුපිරියට මදිලු...
වැඩ ඇරිලා හැමදාමත් නුබ කලියෙන් ගෙදර ඇවිත්
පැය ගානක් නිදියනවලු
හැම දේටම වරද නුඹෙලු..
මගෙ ආදර නැන්දම්මගෙ මන් ගැන ගුණ වර්ණනාව
අපෙ අම්මගේ දෑසින් ගිය කදුලු වලින් දුටුවා...
නැන්දම්මේ කවදාහරි
නුබටත් හිටියනම් දුවක්..
කවදාවත් මේ විදියට කියන්නේ නෑ ගොතලා..
ඇට ,මස් සිද  නහර කරා
වේදනාව දුවනා...
තේරේවිද කවදා.......................


2016 dulee


Comments

Popular posts from this blog

ශාස්ත්‍රවේදී උපාධිය

පළවෙනි නිසදැස