මා නොවන මම


මා නොවන මම



දිගැස්සී ඇය සිනාසෙයි සැවොම දෙස බල බලා
කටකාර, දගකාර
දියණියයි, මිතුරියයි
කෙලිකවට කම් වලින් 
සැමගෙ සිත් සනහනා...
පාවෙනා පුලුන් රොදකි,
සැහල්ලුයි ජීවිතේ
නෑ කිසිත් දොම්නසක් ඈ වටා
සොයාගනු නොහැක ඇය   
ගෙවීගිය අතීතේ
පාලු මාවතක ඈ 
සැගවිලා....
වත්මනේ දිවිමගේ යකඩ ගැහනියකි ඈ
නේක දුක් ගැහටකම් ඉවසනා
ජීවිතය ජයගන්න වෙහෙසෙනා..
අනාගතය අභිමුවේ
සොයා යයි තනිව මග
අතීතෙ සැගව ගිය
ඈ සොයා....

2016 dulee

Comments

Popular posts from this blog

ශාස්ත්‍රවේදී උපාධිය

පළවෙනි නිසදැස