ශාස්ත්‍රවේදී උපාධිය

මේ කියන්න යන්නෙ මගේ උපාධිය ගැන,ශාස්ත්‍රවේදී උපාධිය උපාධිය මගේ අම්ම මං ගැන දැක්ක තවත් සිහිනයක් . එය හැබෑ කරන්න මට පුලුවන් උනා.අපේ අම්ම වත් තාත්තාවත් උපාධි කාරයො නෙවේ,ඉතින් උපාදියක් නැති මව්පියන්ගෙ දරුවන්ටත් උපාධිධාරියො වෙන්න පුලුවන් 2007 අවුරුද්දෙ උසස් පෙල ප්‍රතිපල පිට උන දවසෙ මං හිතුවෙ මගේ උපාධි සිහිනය එහෙම් පිටින්ම විනාශ වෙලා ගිය කියලා.එත් අද මම් උපාධිදාරිනියක්...ආඩම්බර වෙන මොකුත් නිසා නෙවේ,තනියෙන්ම මහන්සි වෙලා, පාඩම් කරල ,කරුනු අවබෝධ කරගෙන මහන්සියෙන් ගොඩ දාගත්තු උපාධියක් නිසා.. මුලින්ම බාහිර උපාදිය කරන්න කියල මගේ ඔලුවට දැම්මෙ අම්ම...මොකද අපේ අම්ම බාහිර උපාදිය කරන්න පටන් ගෙන තිබුනට එයා එක අවසාන කරල තිබ්බෙ නෑ.අම්මගෙ අවසානයක් නොදකපු ඒ සිහිනයෙ අවසානය මම් සම්පූර්න කරගන්නව බලන්නයි අම්මට ඕනි උනේ. මාත් මුලින් පන්ති එහෙම ගිහින් වැඩේ පටන් ගත්තට මොකද ඒවගේ කරන්නෙ සිලබස් එකෙත් නැති බොරු ටිකක්, විශ්වවිද්යාල කතිකාචාර්යවරු කියාගන්න පිරිසක් විසින් ළමයි ගොනාට ඇන්දීමක් බව මට වැඩි කල් නොගිහින් ම තේරුනා.ඒ අතරෙ මතක් කරන්න ඕනි මහනුවර නවෝදය බාහිර උපාදි ආයතනය..එහේ විතරයි පිලිවෙලකට ඉදගෙන ඉගෙන ගන්න පු...